මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවත් වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි. මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් […]

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන […]

පසුගියදා බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලි ග්‍රෑම් 5,520ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීම සඳහා ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට බලපෑම් සිදු කර තිබේ.ලහිරු මදුශංක නැමැති සැකකරු සතුව අත් අඩංගුවට ගත් මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක් […]

තම වකුගඩුවක් විකුණා රුපියල් ලක්‍ෂ හතක මුදලක් ලබාගෙන එම මුදල යොදවා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ආරම්භ […]

නිවසක රඳවා දැත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක කල්ලික සාමාජිකයන් 7 දෙනෙක් කඩු තුනක් ඇතුළු ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කුඩු සම්බන්දයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් ඔහුව එලෙස අමානුෂික ලෙස පහර දී ඇති බවට අනාවරණය වූ බවයි කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සඳහන් කරන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන […]

ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ‘ඉමා’ නැමති එම කාන්තාව ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 490ක් ද සොයාගෙන තිබෙනවා. […]

ගිලන්රථ රියැදුරෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ අතක් බරපතළ ලෙස සපා කා පහරදී පලාගොස් තිබෙනවා. ඒ, මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මුරුන්කන් රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 178 සහ මිලි 750 ක් සමග අත්අඩංගුවට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන ගිලන් […]

නුගේගොඩ දෙල්කඳ හංදියේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරිකින් 180,000ක් වටිනා කිරි බෝතල් තොගයක් සොරා ගත් සැකකරුවන් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එලෙස සොයාගත් කිරි බෝතල් තොගයෙන් බෝතල් 12 ක් සහ සොරකමට යොදාගත් ලියාපදිංචි අංකය වෙනස් කරන ලද ත්‍රිරෝද රථය ද පොලිස් […]

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් […]

බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.