කුඩු සමග කපුවා අත්අඩංගුවට . . .

බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත

මෙම සැකකරු දේවාලයේ කපු රාජකාරියේ යෙදී සිටින අතරතුර විටින් විට කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙන් සුදු පැහැති සරමකින් සහ කමිසයකින් සැරසී යතුරුපැදියෙන් ගොස් මත්කුඩු හා මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙනවිත් පානය කර ඇති බවත් තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලී අනුපාත පහළට . . .

Thu Jun 1 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x