ජනපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක්

සියලුම මැති ඇමතිවරුන්ට විදෙස් ගමන් තහනම් කරයි

ජනාධිපති රාජපක්ෂ සහ හිටපු කැබිනට් ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(16) ජනාධිපති නිල නිවසේ දී සිදු කරන ලද බව වාර්තා වේ.

රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය යෝජනා සහ අදහස් විමසීම ද
නව ඇමති මණ්ඩලය පත්කිරීමේ දී හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකුට ඇමති තනතුර අහිමි වීම ගැන දැනුම් දීමක් සිදු කිරීමට මෙම හමුව කැඳවා ඇත.

මේ අතර අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් ඇඳුමක් ලෙස පෙනී සිටින ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

මතුවී ඇති දේශපාලන අර්බුදය සමග විවිධ සාකච්ඡා නිරන්තරව පවතින තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දැනුම් දීමේ හැකියාව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම සිය ජංගම දුරකථනය මේ කාලයේ දී සක්‍රීයව තබා ගන්නා ලෙස ද ඒ පක්ෂ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

The post ජනපති නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් appeared first on Aruna.

Next Post

Coachella 2022 Day One හොඳම අවස්ථා: Anitta's Guest-Heavy Debut, Justin Bieber's Surprise Appearance and Harry Styles's New Music Tease

Sat Apr 16 , 2022
පළමු දිනය සඳහා කෝචෙල්ලාවසංගතය හේතුවෙන් 2020-2021 විවේකයෙන් පසුව, උත්සවය සහ එහි කලාකරුවන් විශ්මයට පත් කිරීමට උනන්දු විය. විස්මිත එකතු කිරීමෙනි ආකේඩ් ගිනි (කණ්ඩායම Mojave වේදිකාවේ හිරු බැස යෑමේදී සිදු කරන ලදී) විවිධ ආගන්තුක පෙනුමට – අනිත්ත බඳවා ගන්නා ලදී Snoop Dogg ඇයගේ ඉතිහාසගත කිරීමේ කට්ටලය (මෙන්ම පසුව Saweetie සහ Diplo) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.