හිටපු ජනාධිපතිලාගේ වාහනවලට කෝටි 200ක පොල්ලක් . . .

හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර හැර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.

මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය කියයි. තව ද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික ඒවා බව ද එම සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පැවැසීය.

හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික ප්‍රමාණයකින් ගෙවිය යුතු රුපියල් මිලියන දෙදහසකට වැඩි කුලී මෙසේ පැහැරහැර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකට ගෙවිය යුතු කුලිය ලෙස ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 2,000කට අධික බව ත් මේ වන විට මෙම වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය ‘මව්බිම’ට අනාවරණය කළේ ය. මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරුන් වගකිවයුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊට අදාළ නඩුවක් ද පවරා ඇතැයි පැවැසූ සමරසිංහ පෙන්වා දුන්නේ මෙම වාහන 2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ භාවිත කළ වාහන බව ය.

එමෙන් ම, මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක්‍රමයට මෙම වාහන කුලියට ගෙන තිබේ. මේ අනුව වාහන භාවිත කළේ කුමන ජනාධිපතිවරුන් ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණ ද, වාහන අංක ඇතුළු අදාළ තොරතුරු ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙම ගෙවීම් පැහැර හැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අය කිරීමට අදාළ වාහන සමාගම් කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

විශේෂයෙන් ම, ජනාධිපති වැය ශීර්ෂවලින් හිටපු ජනාධිපතිවරුන් කුමක් ද කළේ යන්න පිළිබඳව මෙහිදී ගැටලුවක් පැනනගින බව ද ඔහු පැවැසීය. මේ අනුව අදාළ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ‍්‍රී ලාංකික විද්‍යාඥයා ඇමරිකා සරසවියෙන් නෙරපයි . . .

Wed Apr 10 , 2024
කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් සොයාගත්තේ යයි පැවසූ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කරයි. මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හා දත්ත ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x