කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා . . .

පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති.

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක ජාතික ගමනාගමන කොමිසම මගින් මෙම පොදු වැසිකිලිය ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ෂෙරීන් ගෙන් සිදු විමසීමකදී ඇය මෙලෙස පැවසුවාය අදාල පොදු වැසිකිළි පද්ධතිය අප කොමිසමට අයත් උවත් බාහිර පාර්ශ්වයක් සමග ඇති කර ගත් ගිවිසුමක් මත නඩත්තු කටයුතු භාරදී තිබෙනවා. එහි මිල ගණන් සම්බන්ධයෙන් වරින් වර මගීන්ගෙන් ලද පැමිණිලි මත අප විමර්ශනය කර ඒ සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙම මිල වැඩි කිරීම පිළිබදව දැනුවත් නෑ ඒ පිලිබදව සොයා බැලීමට කටයුතු කරනවා.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් සිසුවෙක් කසිප්පු බී රෝහල් ගත කෙරේ . . .

Thu Feb 15 , 2024
පස්සර ප්‍රදේශයේ පාසලක කසිප්පු පානය කිරීමෙන් පසු ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. ඊයේ (14) වනදා දහවල් මෙම සිසුවා හදිසියේ අසනීපවී වමනය කරනු දුටු ගුරුවරු ඒ පිළිබඳව විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා විදුහල අසල මහ පාරේ සිට බීම වර්ගයක් පානය කළ බවයි. ගුරුවරු විසින් එම සිසුවා කඩිනමින් පස්සර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x