තමන්ට සිදුකළ අපහාසය සඳහා වන්දි ගෙවන ලෙස පවසමින් ආරක්ෂක මණ්ඩල ප්‍රදානය හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ට නීතිඥයකු මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබේ. ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයකට ශවේන්ද‍්‍ර සිල්වා සම්බන්ධ බවට ‘නවය සැඟවුණු කතාව ග‍්‍රන්ථය’ එළි දැක්වීමේ උත්සවයේ දී විරවංශ මන්ත්‍රීවරයා අසත්‍ය චෝදනා එල්ල කළ බව ද […]

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට […]

ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත එකඟතාව පළ කර තිබේ. ඉතාලියේ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කලක් ගැටලුවක්ව පවතින අන්තර්ජාතික […]

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි සේවය කල තරුණයකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි කියන සිද්ධියට අදාළව එම වෙළඳසලේ සිවිකර තිබු සී.සී.ටී.වී. කැමරා වල පටිගත වී තිබු දර්ශන කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ ප්‍රදර්ශනය කරමින් පැහැරගැනීමට ලක්වු අමිල […]

මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට  ජනාධිපති මාධ්‍ය අංශය කළ  ප්‍රකාශය පට්ට පල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ . මිහින්තලේ රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි සාංචි විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නා හිමියෝ මේ බව පැවැසූහ. රුපියල් ලක්ෂ 288 […]

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග)  එස්.ආර්.ප්‍රියංකර අද (01) පැවසිය. මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර, කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ […]

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි […]

බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ […]

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් 31 මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක අද රාත්‍රී පැවසීය. ඒ අනුව ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් ද, ලංකා භූමිතෙල් ලීටරයක නව […]

අද (01) සිට වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස ‌දේශීය ආදායම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.