මෙරට රියැදුරු බලපත්‍ර ඉතාලියේදීත් වලංගුයි . . .

ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත එකඟතාව පළ කර තිබේ.

ඉතාලියේ රැකියාවල නිරත ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කලක් ගැටලුවක්ව පවතින අන්තර්ජාතික රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දුෂ්කරතාව මගහැරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම එකඟතාව පළ කර ඇත.

එමෙන් ම, මෙරට සිටින ඉතාලි ජාතිකයන්ට එරට රියැදුරු බලපත්‍රය මෙරටදී භාවිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට මෙහිදී දැනුම් දී තිබේ. අමාත්‍යවරයා හා ඉතාලි තානාපතිනිය අතර අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියට දැනුම් දී ඇත.

විවිධ රැකියාවල නිරතව ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු මෙන් ම, පොදු කටයුතුවලදී ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට ද මෙහිදී අමාත්‍යවරයා ඉතාලි තානාපතිනියගෙන් ඉල්ලා ඇත.

බොහෝ කලෙක සිට දෙරට අතර පවත්නා මිත්‍රත්වය තවදුරට ත් වර්ධනය කර ගැනීමට ද දෙපාර්ශවය සිය කැමැත්ත පළ කර තිබේ.

  • Kumudu Upul Shantha

 

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයක් . . .

Thu Jun 1 , 2023
ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x