ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13) සිදුවිය. එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දුන්නේය. පොලිස් […]

  කූඨ ලෙස ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි […]

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි. ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය. එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි […]

ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය. විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, […]

ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම ජාවාරම්කරුවන් ඩුබාහි අතහැර යුරෝපය ඇතුළට තවත් රටවල් කිහිපයකට පලායමින් සිටින සිටින බවට වාර්තා වී තිබේ. ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන් ලෙස වෙස් පෙරලාගෙන ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය, රුමේනියාව වැනි රටවලට පලා යමින් සිටී. මෙසේ […]

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත්  හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ පැවසීය. සීදූව […]

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා. නමුත් එමඟින් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති අතර යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හඳුන්වනු ලබන්නේ. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වන ගිනිකන්දක්. […]

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා […]

ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන් පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ. දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් […]

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්‌තේ යාපනය , චන්කනායි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් සහ 28 හැවිරිදි තරුණියකි. මෙම යුවළ ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.