පොලී අනුපාත පහළට . . .

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව පුරෝකථනය කර තිබෙන බවත් උද්ධමනය තනි අගයක් දක්වා පැමිණෙනු ඇතැයි  පුරෝකථනය කළ කාල වකවානුවට වඩා ඉක්මණින් මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණෙනු ඇතැයි මහ බැංකුව පෙන්වා දී තිබේ.මැයි මාසය අවසන් වනවිට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් එයට චීනය ලබා දුන් විදේශ මුදල් හුවමාරු ණය පහසුකමද ඇතුලත් වන බවත් මහ බැංකුව පවසයි.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුන්ට උපකාර කළ ගුරුවරයා රාජකාරියෙන් ඉවතට . . .

Thu Jun 1 , 2023
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග)  එස්.ආර්.ප්‍රියංකර අද (01) පැවසිය. මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර, කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x