සුදු මැස්සා පාලනයට පරපෝෂිතයෙක් එයි . . .

පොල් වගාව විනාශ කරමින් දිවයින පුරා පැතිරී යන සුදු මැස්සා පාලනය සඳහා උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය විසින් පරපෝෂිතයකු හඳුන්වා දී තිබේ.

“එංකශයා ගවුෂලුබි” නම් විද්‍යාත්මක නාමයෙන් යුතු මෙම පරපෝෂිතයා දෙබර කුලයේ සත්ත්වයකි. සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ දෙක සහ තුන අවස්ථාව ළඟ පරපෝෂිතයා බිත්තර දැමීම සිදුවන අතර එම බිත්තරවලින් පිටවෙන කීටයන් සුදු මැස්සාගේ ජීවන චක්‍රයෙහි දෙක තුන අවස්ථාවට ඇතුළු වී යුෂ උරා බී වර්ධනය වෙමින් කෝෂගතවීම සිදුවී සුහුඹුරකු ලෙස පිටව යෑම සිදුවේ.

එමගින් සුදු මැස්සාගේ ජීවන චක්‍රය සහමුලින්ම අඩාළ වී යන අතර එය සුදු මැස්සා පාලනයට සාර්ථකම විසඳුම එය බව උද්‍යාන හා පර්යේෂණ ආයතනය සංවර්ධන නිලධාරීනී අමිලා අත්තනායක සඳහන් කළාය.

සුදු මැස්සා පාලනය කරන පරපෝෂිතයන් පැකට්ටුවක අසුරා නිකුත් කෙරෙන අතර පොල් වගාව තුළ තැනින් තැන එල්ලා තැබීමෙන් පරපෝෂිතයා පොල් වගාවට මුදා හරිනු ඇත.

වගාකරුවන්ට තම අවශ්‍යතාව දැනුම් දී ගන්නොරුව උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය වෙත පැමිණ ලබාගත හැකි අතර එසේත් නැත්නම් කුරිය ක්‍රමයක් මාර්ගයෙන් තම වගා බිමට මෙම පරපෝෂිතයක් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දී ඇතැයි ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් දැනට පවතින බරපතළම ගැටලුව වී ඇත්තේ මෙම පරපෝෂිතයා නිෂ්පාදනය කිරීමට ඇත්තේ එක් කුඩා රසායනාගාරයක් පමණක් වීමත් බවත් දිවයිනටම අවශ්‍ය පරපෝෂිතයන් නිෂ්පාදනය කිරීම සඳහා පුහුණුවලත් එකම නිලධාරියකු පමණක් මෙම කටයුත්තට යොදවා ඇති බවත් ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් සියයට එකක්වත් සපුරා ගැනීමට නොහැකි වී ඇති බවත් පැවසේ.

පොල් ගසේ පත්‍ර යට කෝෂගතවන සුදු මැස්සා පත්‍රවල යුෂ උරා බී තම වර්ගයා ඉතා සීග්‍රයෙන් වගාව පුරාම පැතිරී යෑමට සලස්වති.

  • අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු – තිස්සමහාරාම
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාකිස්තාන තරුණියකට ඉන්දියානුවකුගේ හදවතක් . . .

Fri Apr 26 , 2024
19 හැවිරිදි පාකිස්ථාන ජාතික තරුණියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චෙන්නායි එම්.ජී.එම්. රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි. වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකිරීම විශේෂත්වයකි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x