පොල් මිල විශාල ලෙස ඉහළට . . .

දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි.

පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ.

පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එහෙත් පසුගිය මාස කිහිපයේ ඇතැම් ප්‍රදේශ වලට අධික වැසි සහ ඇතැම් ප්‍රදේශ වලට අධික වියළි කාලගුණයක් පැවතුණි.

මෙම තත්වය ලබන මැයි මාසය පමණ වනවිට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇතිබව පොල් වගාවගාකරුවන් සඳහන් කරයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක මිල මේවන විට රුපියල් 80ත් 120 අතර මිලක පවතියි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිංගප්පූරු ඇමැති, ධුරයෙන් ඉවත් වෙයි . . .

Thu Jan 18 , 2024
දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x