හඳපාන්විල පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කරයි . . .

දිඹුලාගල හඳපාන්විල පුරාවිද්‍යා රක්ෂිතය කිසියම් අයෙකු විසින් ඩෝසර් කර පුරාවස්තු රාශියක් විනාශ කර ඇති බව පොලොන්නරුව පුරා විද්‍යා කාර්යාලය සඳහන් කරයි.

මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් ඉතා ඉහළ වැදගත්කමක් ඇති වසර 2000 කටත් වඩා ඉපැරණි බව ද ඔවුන් සඳහන් කරති. ලජ්ජිතිස්ස රජු විසින් කරවා සංඝරත්නයට පූජා කරන ලද විහාරාරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ ඇතැයි ද සෙල්ලිපියක සඳහන් වෙයි. සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉපැරණි ගල්කණු හා ගල් ආදී පුරාවස්තු රැසක් විනාශ කර දමා ඇති බවයි.

සිදුවීම් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි . . .

Fri Nov 11 , 2022
11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ. රත්නත්‍රයේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, දෙවියන්ගේත් ආශිර්වාදය රටටත් සියලු ජනතාවටත් ප්‍රාර්ථනා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x