බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්, ජීව උණ්ඩ 630 ක් සමග සැකකාර හතලිස් නම හැවිරිදි ව්‍යාපාරිකයා බේරුවල පොලිසිය මගින් ඊයේ  (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කියයි. බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියෙහි නිරතව සිටියදී බේරුවල නගරයට නුදුරින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා […]

තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් (55,000/=) වැය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000/= ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර […]

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට රටින් පිටවීම තහනම් කර තිබේ. අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ නොවැම්බර් මස 17 දින දක්වා බලපැවැත්වෙන පරිදිය. ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව […]

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මෙමගින් රුපියල් බිලියන 1.6 ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොවිඩ් වසංගත සමයේ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් බද්ද 2020 […]

බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පැවති නඩුවකින් අද (11) උන් වහන්සේ නිදහස් කිරීමට කොළඹ, අලුත් කඩේ මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. ඒ රාජගිරිය පන්සල අසල ඉදිරිපිට දී ඇති වූ සිදුවීමක දී පොලීසියේ රාජකාරියට බාධා යන චෝදනාව යටතේ උන්වහන්සේට පවරා තිබූ නඩුවකින් ය. පැමිණිල්ලේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම හේතුවෙන්, […]

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300 කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇති බව වාර්තා වනවා. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර […]

රට තුළ පවතින වාහන වල මිල ගණන් පහත ගොස් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසුවේ, පොලී අනුපාත ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙලෙස වාහන මිල ගණන් පහත වැටී ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ අලෙවි කරන වාහන සදහා වර්තමානයේ නියමිත මිලක් නොමැති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ […]

දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත වතුයායේ ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා ඇති අතර කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී. එහි සේවය කළ සේවක සේවිකාවන්ටද රැකියා අවස්ථා අහිමිවී ගොස් ඇත. අක්කර එක්දහස් අටසියයකින් පමණ යුත් මෙම […]

රජීව් ගාන්ධි ඝාතනය කිරීමට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේය. නාලිනී ශ්‍රීහරන්, ආර්.පී රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පයාස් සහ ජයකුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කිරීමට නියෝග කළ විත්තිකරුවන් 6 දෙනා වේ. ඒ.ජී පෙරරිවාලන්ගේ නඩුව සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.