හිගන්නාගේ ඉන්ධන වියදම 55,000/= . . .

තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් (55,000/=) වැය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000/= ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර දෙසීය ඉක්මවන බවත් පැවසීය. මන්ත‍්‍රීවරුන්ගේ ගමන් සඳහා වැයවෙන ඉන්ධන වියදම ඇසිරීමේදී දැනට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැතැයි ද පැවසූ ඔහු මෙතෙක් රුපියල් 104 බැගින් ඉන්ධන ලීටර හයසියයක් සදහා මුදල් ලබාදුන්නද අද එම මුදලට ඉන්ධන ලබාගත නොහැකි බවද පැවසීය.

එමෙන්ම අද වන විට තම නිවෙස ගිනිබත් කර ඇති බැවින් ඉන්න හිටින්න තැනක් නොමැතිව හිගන්නෙකුගේ තත්වයට වැටී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බේරුවලින් නීති විරෝධී ගිනි අවි තොගයක් . . .

Fri Nov 11 , 2022
බේරුවල දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවි 3 ක්, ජීව උණ්ඩ 630 ක් සමග සැකකාර හතලිස් නම හැවිරිදි ව්‍යාපාරිකයා බේරුවල පොලිසිය මගින් ඊයේ  (10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කියයි. බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියෙහි නිරතව සිටියදී බේරුවල නගරයට නුදුරින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු පරික්ෂා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x