එතනෝල් ආනයන බද්ද ඉහළට . . .

විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

මෙමගින් රුපියල් බිලියන 1.6 ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කොවිඩ් වසංගත සමයේ විශබීජ නාශක දියර විශාල වශයෙන් නිෂ්පාදනය කෙරුණු නිසා මෙම එතනෝල් බද්ද 2020 වසරේ අවස්ථා දෙකක දී පහත දැමූ බවත්, යළි එය සාමාන්‍ය මට්ටමට ගෙනඒම මෙහිදී සිදුවන බවත් ඇමතිවරයා කීවේය. එමෙන්ම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25/= ක සුරා බද්ද රුපියල් 50/= දක්වා යළි ඉහළ දැමීමට ද තීරණය කර ඇති බවත්,

ඉකුත් ජනවාරි මාසයේ දී එය රුපියල් 25/= දක්වා පහත දැමුව ද එම වාසිය පාරිභෝගිකයාට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිරි තේ මුදලට පමනයි . . .

Fri Nov 11 , 2022
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී දැන් ලබා දෙන්නේ සාමාන්‍ය ප්ලේන්ටි පමණක් බවද හෙතෙම සඳහන් කළේය. ජනාධිපති කාර්යාලයේ දී කිසිවකු කිරි තේ පානය කළහොත් ඒ සඳහා මුදල් ගෙවීමට සිදුවන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x