ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි . . .

ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි.

මෙම පවුල ගල්ෆ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බහරේන් වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට යෑමට සැළසුම් කර තිබූ  බව ද එම දෙපාර්තමේන්තුව කීය.

සාමාජිකයන් සිවුදෙනෙක්ගෙන් යුත් එම පවුලේ සාමජිකයන් පිළිබදව සැක සිතූ ආගමන විගමන ආවේක්‍ෂණ ඒකකය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් එක්කෝටි හතලිස් ලක්‍ෂයක් ගෙවා තැරැව්කරුවෙක්ගෙන් ග්‍රීක වීසා ගෙන ඇති බව හෙළි වූ බවත් එම පවුලේ පියා 47 වැනි වියේ ද, මව 43 වැනි වියේ ද, පුතුන් දෙදෙනා අවුරුදු 21 සහ 16 යන වයස්වල පසු වන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹින් පිටත් රෑට දඩ ගෙවන්න පුළුවන් . . .

Sun Feb 25 , 2024
රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාලවල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය. බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බව ද ඔහු කීවේය. එම තැපැල් කාර්යාලවලදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x