පෞද්ගලික අංශයෙන් විදුලිය ගැනීම අරඹයි . . .

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 55 කට සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලි ඒකකයක් රුපියල් 54 කට මිලදී ගන්නා බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩය සතු කැලණිතිස්ස බලාගාරයේ විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 143 ක් වැය වන බව ද සඳහන් කළේය.

එම බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් සඳහා ඛනිජ තෙල් සංස්ථාවට මුදල් විදුලිබල මණ්ඩලයෙන් ගෙවන බවත් ඒ.එස්. මාතර බලාගාරයෙන් හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 8.01 ක් සහ ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරයේ හිමිකරුවන්ට ඒකකයකට රුපියල් 7.91 ක් පමණක් ගෙවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිරු ගවේෂණ යානය ගමන් අරඹයි . . .

Sat Sep 2 , 2023
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, හිරු ගවේෂණයට යෑමට සූදානමින් සිටී. යානය තව මිනිත්තු කීපයකින් එනම් 11.50 ට උඩු ගුවන බලා යනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත PSLV රොකට්ටුවක ආධාරයෙනි. ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් මෙතැනින් සජීවීව නරඹන්න.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x