ඉන්දියාව විසින් සඳට යවන ලද චන්ද්‍රයාන් යානයත් සමඟ මීට වසර කිහිපයකට පෙර රෝහිත රාජපක්ෂගේ මැදිහත් වීමෙන් අභ්‍යවකාශගත කර ලද චන්ද්‍රිකාව පිළිබඳව යළි කතාබහට ලක්වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවානන් සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මෙලෙසින්, එහිදී ඔහු කියලා තිබ්බේ නම්, සුප්‍රීම්සැට් සමාගම විසින් චන්ද්‍රයාටත් යානාවක් යැවීමට […]

රන්දිය උයන සහ කරල් අමුහේන යන ප්‍රදේශ යා කෙරෙන හෝමාගම මීගොඩ නඩුහේන, මාර්ගයක් කණු සිටුවා කම්බි වැටක් ඇද වසාදමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. මෙම කටයුතු සිදුකර ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් බවයි  ප්‍රදේශවාසීන් පවසන්නේ. ඔවුන් පවසන්නේ වසර 60ක පමණ කාලයක සිට තමන් මෙම මාර්ගය භාවිත කළ බවය. නමුත් මෙවැනි මාර්ගයක් […]

ලොව ධනවත්ම පුද්ගලයා වන Elon Musk පසුගිය වසරේ ට්විටර් හිමිකර ගනු ලැබීය. Elon Musk Twitter මිලදී ගැනීමෙන් පසු බොහෝ වෙනස්කම් සිදු කළ අතර පසුගියදා Twitter නම වෙනස් කිරීමටද කටයුතු කරනු තිබුණි. මෙම අවස්ථාවේදී Elon Musk විසින් Twitter පහසුකම් පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ . ඒ X අඩවියට වීඩියෝ සහ ශ්‍රව්‍ය […]

රජය විසින් වාහන ආනයනය කිරීම තහනම් කරනු ලැබු කාලයේ දී ආනයනකරුවන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු සමග එක්ව මෙරටට නීති විරෝධීව වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කළ බව […]

ජාත්‍යන්තර පොල් දිනය අදට යෙදී තිබේ. ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ සිදුකෙරිණි. ජාත්‍යන්තර පොල් දිනය යෙදී ඇති අද දිනයේ ඊට සමගාමීව උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද පෙරවරුවේ යාපනය, පලෙයි ආදර්ශ පොල් උයනේ දී සිදුකෙරිණි. මන්නාරම යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව […]

“මෙනින්ගොකොකල්”  බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි. එමෙන්ම කොළඹින් […]

හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට අද(2) සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි . කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි . එම සාකච්ඡාවට දැනට […]

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, හිරු ගවේෂණයට යෑමට සූදානමින් සිටී. යානය තව මිනිත්තු කීපයකින් එනම් 11.50 ට උඩු ගුවන බලා යනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත PSLV රොකට්ටුවක ආධාරයෙනි. ‘ආධිත්‍යා Aditya L1’ රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් මෙතැනින් සජීවීව නරඹන්න.  

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බවත් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් විදුලිබල මණ්ඩලයේ බොහෝ බලාගාරවල ඒකක පිරිවැයට වඩා අඩු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. පෞද්ගලික විදුලි සැපයුම් සමාගම් දෙක වන ඒ.එස්. මාතර බලාගාරයෙන් විදුලි ඒකකයක් […]

ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු  සියයට 5 කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය. ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවත් එම සංගමය සඳහන් කරයි. යොහාන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.