මෙනින්ගොකොකල් ගැන නිවේදනයක් . . .

“මෙනින්ගොකොකල්”  බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි.

එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළ ද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේය.

මෙනින්ගොකොකල් බැක්ටීරීයාව ආසාදනය වන අකාරය පිළිබඳ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මෙලෙස පැහැදිලි කළාය.

“මෙය බැක්ටිරියා මගින් ඇති වන රෝගයක්. මේක ව්‍යාප්ත වෙන්නේ සෙම සහ කෙළ මගින්. සමීපතමයන් අතර තමයි මේක ව්‍යාප්ත වෙන්නේ. ප්‍රජාව අතර ව්‍යාප්ත වෙනවාට වඩා නිවැසියන් අතර ව්‍යාප්තිය වැඩි. ඉතාම සමීප ඇසුරක් තිබෙන අයට තමයි ව්‍යාප්ත වෙන්නේ. රෝග ලක්ෂණ ගත්තොත් මෙනින්ජයිටීස් කියන්නේ සංකූලතාවයක්. ඊට අමතරව නියුමෝනියා සහ සෙප්සීස් කියන සංකූලතා ඇති වෙන්න පුළුවන්. අපේ රටේ මේකේ කාණ්ඩ පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ තියෙන්නේ B සහ C යන වර්ග දෙක පමණයි. ඒක වසංගත රෝගයක් ලෙස පැතිරෙන්නේ නැති ලංකාවේ ආවේනික රෝගයක් විදියට තමයි යන්නේ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෙවන පොල් ත්‍රිකෝණය ඇරඹෙයි . . .

Sat Sep 2 , 2023
ජාත්‍යන්තර පොල් දිනය අදට යෙදී තිබේ. ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ සිදුකෙරිණි. ජාත්‍යන්තර පොල් දිනය යෙදී ඇති අද දිනයේ ඊට සමගාමීව උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද පෙරවරුවේ යාපනය, පලෙයි ආදර්ශ පොල් උයනේ දී සිදුකෙරිණි. මන්නාරම යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x