මහාචාර්‍ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්තවේ . . .

වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට පළමු මහාචාර්යවරිය වන ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (අප්‍රේල් 10) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරුණි.

අප්‍රේල් 7 වන දා ඇය අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඇය 97 වන වියේ පසු වූවා ය. ඇය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ අතර ඇය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස වසර 25ක් කටයුතු කළා ය. 1991 වසරේ විශ්‍රාම ගන්නා තුරු ඇය එම තනතුර හෙබවීය.

ඇය රැකියාවේ නිරත මව්වරුන්ට මාස තුනක ප්‍රසූත නිවාඩු දිය යුතු බවට වූ නිර්දේශ රජය ක්‍රියාත්මක කරන තුරු ම ඒ වෙනුවෙන් කටයුතු කළ වෛද්‍යවරියක වූ අතර පෝලියෝ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ද ඇය මහගු සේවයක් සැපයූවා ය.

1925 වසරේ නොවැම්බර් මස 23 වන දා මොරටුවේදී ඇය උපත ලැබුවා ය. ඇය මොරටුව වේල්ස් කුමරි විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වී සිය වෛද්‍ය උපාධිය ලබා ගත්තා ය. පසුව ලන්ඩනයේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩිදුර හදාරා ආචාර්ය උපාධිය ලබා යළි ලංකාවට පැමිණි වෛද්‍යවරියක ලෙස යාපනය ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වල රෝහල්වල ඇය සේවය කළා ය. ඉන් අනතුරුව ඇය කොළඹ වෛද්‍ය පීඨයේ සේවයට එක් වූවා ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙරට තෙල් බෙදාහැරීමේ බලය විදෙස් සමාගම් තුනකට . . .

Wed Apr 12 , 2023
මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස දෙක ඇතුළත සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x