නිල් කටරොලු ගොවීන්ට වාසියක් . . .

ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටරොළු වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති බව හඳුනාගැනීමෙන් පසුව රාජ්‍ය අංශයේ ද මැදිහිත්වීම සහිතව ගම්මානවල ජනතාව මෙම මල් වගාවක් ලෙස අරඹා තිබේ.

මෙම මල් සඳහා දේශීය හා විදේශිය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර වගාව සාර්ථකව සිදුකිරිමෙන් ඉහළ ආදායමක් ද උපයා ගැනිමේ අවස්ථාව තිබේ. කිසිදු ආකාරයක කෘමි නාශක හෝ පොහොර භාවිතයකින් තොරව මෙම වගාව සිදුකරන නිසා වගාකරන්නන්ට මේ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට අවශ්‍ය නොවේ.

මල් පදුරු සියයක් පමණ වවා ගන්නා අයෙකුට දිනපතාම කිලෝ දහයක් පමණ මල් ලබාගත හැකි අතර නිසි ක්‍රමවේදයට වියළිමෙන් අනතුරුව අලෙවිකරණ කරන අතර මල් කිලෝ දහයක් පමණ වියලීමෙන් වියළි මල් කිලෝවක් සදාගැනීමට ද හැකිය.

ග්‍රාමීය ජනතාව මෙම මල් අලෙවි කරණ අතර එක් කිලෝවක් සඳහා රුපියල් තුන්දහසක පමණ මුදලක් ඔවුන්ට ලැබේ. වෙනත් කාර්යයන් සිදුකරන අතරවාරයේ දි අමතර ආදායමක් ලැබිය හැකි ඉතා වටිනා වගාවක් වශයෙන් මෙම නිල් කටරොළු මල් වගාව හඳුනාගෙන ඇති බව වගාකරන්නන් සඳහන් කරයි.

හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙන් මරදන්කඩවල වසමේ පවුල් පහලවක් නියෝජනය වන පිරිදි ප්‍රතිලාභීන් 15කට මෙම වගාව පිළිබදව පුහුණුවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය මගින් ලබාදී ඇත. ඉන් පසුව ඔවුන් වෙත නොමිලයේ බීජ ලබා දී ඇති අතර මේ වන විට ඔවුනගෙන් බොහෝ පිරිසක් මෙම වගාව සාර්ථකව සිදුකරමින් ආදායමක් ලබමින් සිටී.

මෙම වගාවන්ගේ සාර්ථකත්වය පිළිබඳව හදුනාගැනිම සදහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ඇතුළු නිලධාරින් පිරිසක් හොරොව්පතාන, මරදන්කඩවල ප්‍රදේශයට පැමිණ එම වගාකරුවන් හමුවේ පවසා සිටියේ වියළි කටරොළු මල් අලෙවිකර ගැනීම සඳහා නව වෙළදපොල හඳුන්වාදීමට දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහය ලබාදෙන බවයි.

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ ඉතා සුළු බිම් ප්‍රමාණයක තම ගෙවත්ත තුල පමණක් මෙම මල් වගාකර වියළා අලෙවි කිරිමෙන් 2023 වසරේ දී එක් පවුලක් රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් උපයාගෙන ඇති බවයි.

  • Media unit
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය වට කරයි . . .

Wed Feb 14 , 2024
සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය. නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනා වාහා ලබාදෙනු සහ සොච්චම් නිල ඇඳුම් දීමනාව වැඩි කරනු යන ඉල්ලීම් මෙහිදී ප්‍රධාන විය. එම විරෝධතාවයට රටපුරා රෝහල්වලින් හෙද නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහූ දැනට රෝහල්වල ක්‍රියාත්මක වන වැඩවර්ජනයෙන් ඉවත්ව සිටිති. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x