ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටරොළු වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති බව හඳුනාගැනීමෙන් පසුව රාජ්‍ය අංශයේ ද මැදිහිත්වීම සහිතව ගම්මානවල ජනතාව මෙම මල් වගාවක් ලෙස අරඹා තිබේ. මෙම මල් සඳහා දේශීය හා විදේශිය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර වගාව සාර්ථකව සිදුකිරිමෙන් ඉහළ ආදායමක් ද උපයා ගැනිමේ […]

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතයක් මගින් ගෙවීම් කටයුතු සිදු කරන UPI ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. මෙම ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම ඊයේ (පෙබ. 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ. ජනාධිපතිවරයා පසුගිය දා […]

‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය […]

ඡන්ද හිමි නාමලේඛනය සඳහා  නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ සුසන්ත උදය කුමාර නමැති පුද්ගලයෙකි. සැකකරු  හම්බන්තොට සමෝදාගම අලුතින් පදිංචියට […]

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත. සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ […]

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නලින් චින්තක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදීම සම්බන්ධයෙනි. ඔහු එම පහරදීම සිදුකිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටීමෙන් අනතුරුව නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පහර […]

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් ආරම්භ වන නවතම අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව වන Ru Radio පරික්ෂණ විකාශය මේ වනවිට ආරම්භ කර ඇත. රූපවාහිනී 42 වැනි සංවත්සරය යෙදෙන පෙබරවාරි 14වැනිදා Ru Radio නිල විකාශන කටයුතු ආරම්භ කරයි. Ru Radio ඔස්සේ පරික්ෂණ විකාශයට සවන් දිය හැකිය. dinamina

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට අද (13) පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබුණි.  එහි සිට ජනතාව පැවසුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලය සදහා විශාල පිරිසක් දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බවත්, එම කාර්යාලයෙන් එක්දින සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර […]

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි. පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට […]

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංගා අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ. ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල්  ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.