අල්ලස් ගත් ග්‍රාමසේවක රිමාන්ඩ් . . .

ඡන්ද හිමි නාමලේඛනය සඳහා  නම ඇතුළත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තේ යැයි කියන හම්බන්තොට සමෝදාගම ග්‍රාම නිලධාරීවරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගත කරන ලද්දේ සුසන්ත උදය කුමාර නමැති පුද්ගලයෙකි. සැකකරු  හම්බන්තොට සමෝදාගම අලුතින් පදිංචියට පැමිණි පුද්ගලයෙකුගේ නිවසට විදුලි බලය ලබා ගැනීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට රුපියල් පහළොස් දහසක අල්ලසක් ඉල්ලා දස දහසක් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

විරාජ් මදුශංක නැමැති පුද්ගලයාගෙන් මෙම අල්ලස් මුදල  පසුගිය 01 දින ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා සිය සේවා දායකයා අදාළ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවට දන්වා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසුව ලබන 27 දක්වා බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

  • රෝෂන් තුෂාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හරක් කටා ඩුබායි වෙත යවන්න කෝටි 70ක අල්ලසක් . . .

Tue Feb 13 , 2024
‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x