වික්ටෝරියා අධි රක්ෂිතයේ හෝටල් ඉදි කරලා . . .

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංගා අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ.

ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල්  ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ තනතුරු භාවිතා කරමින් ඇමති අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ජලාශ රක්ෂිතයන්ට හානි කරමින් විශාල අනවසර ඉදිකිරීමි සිදුකර ඇත.

මහවැලි සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සමිබන්ධයෙන් විමසු අවස්ථාවේදී එම උසස් නිලධාරියා පැවසුවේ වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟාව අවට රක්ෂිත පෙදෙස් වල අනවසර ඉදිකිරීම් කරන්නන් රැසකට එරෙහිව නීතීමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

දනටමත් වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟා රක්ෂිත මායිම් වල විශාල දැන්වීමි පුවරු සවිකර රක්ෂිත පෙදෙස්වලට ඇතුල් නොවන ලෙසට ජනතාව වෙත දැනුම්දීම් කර ඇති බවද මහවැලි සංවර්ධන උසස් නිලධාරියා පැවසීය.

වික්ටෝරියා ජලාශය සමීපවම ජලාශ ඉවුරු කපා දැවැන්ත හෝටල් ඉදිකර ඇති ඇතැමි ව්‍යාපාරිකයන් ඇතැම් මහවැලි නිලධාරින් සමග සම්බන්ධතා පවත්වමින් කිසිදු බියකින් තොරව ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරිම් සිදුකර තිබෙන බව මහනුවර පරිසර සුරැකීමේ සංවිධාන සහ හන්තාන සුරැකීමේ සංවිධානය පවසයි.

  • ජේ. ඒ. එල්. ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලි සබ්රි රිය අනතුරක . . .

Tue Feb 13 , 2024
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි. පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x