ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා. නමුත් එමඟින් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති අතර යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හඳුන්වනු ලබන්නේ. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වන ගිනිකන්දක්. […]

ක්‍රිකට් තරගයක කඩුලු දවාගැනීම ලෙහෙසි නැත. පිතිකරුවාට කඩුල්ලේ රැඳී සිටීමට විකල්ප ගණනාවක් තිබුණ ද, පන්දු යවන්නාට ඇත්තේ කඩුල්ල දවා ගැනීමේ ඉලක්කය පමණි. එහි සාර්ථක අසාර්ථකත්වය රඳා පවතින්නේ පන්දු යවන්නකු සතු හැකියාව සහ අත්දැකීම් මතය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනෙන දස්කමකි. […]

මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඊයේ රාත්‍රි කොට්ටාව සහ තලවතුගොඩ ප්‍රදේශ වල පවත්වාගෙන යන වීදි ආපන ශාලාවල සිදු කළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර ආහාර අලෙවි කළ වීදී ආපන ශාලා හයකට නිවේදන නිකුත් කොට ආපන ශාලා 14 එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩු පැවරු බව මහරගම සෞඛ්‍ය […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදුවිය. ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුරදී මෙම හමුවීම සිදුව ඇත. ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත. ඊට […]

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍ර මගින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ තරුණියන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සහ යාපනය , වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි. ඔවුන් ඉදිරිපත් ලියකියවිලි පිළිබඳ සැක සිතූ කටාර් ගුවන් සේවා […]

චාරිකාවක් අතරතුර හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං ව තිබුණි. එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් […]

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ පවසනවා. ඔවුන් පවසන්නේ, මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් […]

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙසේ ස්ථාන මාරු කිරීමට නියමිත පිරිස් අතර සිටිති. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ට ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටියි. දැනට පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග ට ඉහළ තනතුරක් ලබා දීමට පියවර ගනිමින් සිටී. මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග ද දැනුම් දී තිබේ. ඉදිරියේදී […]

වාහන විමෝචන පරීක්ෂණ සහතික හෙවත් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තිබෙන බැවින් එම සමාගම් දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි. එනිසා විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.