විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 50කට රතු එළියක් . . .

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.

ඔවුන් පවසන්නේ, මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් නිකුත් නොකළ බවයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරන නිසා ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් දී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීමට සිදුව ඇති බවයි ලංවිම ඉංජිනේරුවෝ වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.

ඒ නිසා මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට පමණ රතු බිල් ලැබෙන බවත් සෑම මොහොතකම ලක්‍ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලිය සිඳලීමට සිදුව තිබෙන බවයි විදුලි ඉංජිනේරුවෝ වැඩිදුරටත් පවසා සිටින්නේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හන්තානේ අතරමංව සිටි සරසවි සිසුන්ව බේරා ගැනේ . . .

Sun Dec 3 , 2023
චාරිකාවක් අතරතුර හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං ව තිබුණි. එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x