මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ සිටි සුපිරි හෝටලය වටලයි . . .

පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි පැවසිය.

සැකකරු සතුව මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන B.M.W වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය අනූවක මුදල් , ඇමරිකානු ඩොලර් 05ක් , වටිනාකම තක්සේරු කළ නොමැති විවිධ වර්ගයේ වටිනා මැණික් ගල් 91 ක් , මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් , රන් පැහැති මාල දෙකක් , අත් පළඳනාවක් , මුදුවක් , පැන්ඩනයක් , වලල්ලක් , ජංගම දුරකථන පහක් , බැංකු ගිණුම් තුනක් , මුදල් පේෂන කාඩ් පත් දෙකක් , ජංගම දුරකථන පහක්  අත්අඩංගුවට ගෙන ඇත.

මාකඳුරේ මධුෂ් නමැති පතාල කල්ලි නායකයාගේ අනියම් බිරිඳ නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ ලැගුම්හලක නතරවී සිටින බවට නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

එම තොරතුරට අනුව වහා ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය අදාල ලැඟුම්හල එදිනම පරීක්ෂාවට ලක් බවත්, ලැගුම්හලට පැමිණි පිරිසක්  වාහනයක් ලැගුම් හල ඉදිරියේ නවතා ඔවුන් නැවතී සිටි කාමරයද අගුල් දමා වසා ලැගුම්හලින් පිටව  ගොස් තිබු බවත්, නුවරඑළිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන ගේ හා සහකාර පොලිස් අධිකාරි 01 සමන් ජයසුන්දර ගේ උපදෙස් පරිදි ලැගුම්හලේ වසා තිබුණු කාමරය විවෘත කර පරික්ෂා කිරිමේදි අදාල භෘණ්ඩ අත්අඩංගුවට ගැනිමට හැකි වු බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල්  හෙට්ටිආරච්චි  පැවසිය.

අත්අඩංගුවට ගත්  ලැගුම්හලේ හිමිකරු  (21)  දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර , යලි මෙම නඩුව 2024 ජනවාරි මස 18 දින කැදවිමට නුවරඑළිය මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි නියෝග කෙරිණ.

ලැගුම්හලෙන් පලා ගොස් ඇති සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝකයක් මවිත කළ සිංහල නැට්ටුවා . . .

Sat Dec 23 , 2023
කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලනඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාසේ පමණට සේයාරූවලට නැංවී නොමැත. ඔහුගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදීන් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x