ඉරාන ජනපතිගේ ගුවන්යානය නිසා මගී ගුවන් යානාප්‍රමාද වෙයි . . .

ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉරානය බලා යාමට සූදානම් වූ ඉරාන ජනාධිපතිගේ ගුවන්යානය ගුවන් ගතවීමට හරවා විනාඩි තිහකට වඩා ආරක්ෂක හේතූන් මත කියා නවත්වා තැබීම නිසා ජාත්‍යන්තර ගුවන් මගී ගුවන් යානා තුනක් ප්‍රමාදවී ඇත.

මීට හේතුවී ඇත්තේ ඉරාන ජනපති රැගත් ගුවන් යානය A2 තටාකාංගනය (A 2 Apron) මැදට ගෙන නවතා ගෙන සිටීම නිසා කටුනායක ගුවන් පථයට ගොඩ බැස්සවූ සිංගප්පූරු ගුවන් සේවය, තායි ගුවන් සේවයට හා ශ්‍රීලන්කන් ගුවන් යානයක් තටාකාංගනය තුළට ගැනීමට නොහැකිවීමය.

තම ගුවන් යානය නියමිත වේලාවට ගුවන් පථයට පැමිණ බලා සිටීමට සිදුවීමෙන් විනාඩි තිස්පහක කාලයක් ප්‍රමාද වූ බව ගුවන් සමාගමේ නිලධාරියෙක් විරෝධය පළකර තිබේ.

ආරක්ෂක හේතූන් මත ඉරාන ජනාධිපතිවරයාගේ ගුවන් යානය හදිසියේ නැවැත් වූ බව ගුවන් ගමන් පාලක මැදිරිය ඒ මොහොතේ දැනුම් දී ඇත.

ඊශ්‍රයාලයට අයත් අර්කියා ගුවන් සේවයේ IZ 639 ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් රාත්‍රි 10.00 ට ගුවන්ගතවී තිබිණි. එම ගුවන් සේවාවට අයත් ගුවන් යානා ඉරාන ජනපතිගේ සංචාරයට විරෝධය පා තාවකාලිකව ගුවන් ගමන් අවලංගු කළද පෙරේදා (24 වැනිදා) රාත්‍රි 8.50 ට පමණ එම ගුවන් යානය දැඩි රැකවල් මැද කටුනායකට පැමිණියේය.

එය මෙරට සිටින ශ්‍රමිකයන් ඇතුළු ගුවන් මගීන් රැගෙන ගිය පසු දැඩි රැකවල් මැද ඉරාන ජනාධිපතිවරයා රැගත් යානය රාත්‍රි 11.30 ට පමණ ගුවන් ගතවීමට සූදානම් කෙරිණි.

ගුවන් යානය ගුවන් පථය වෙත ගමන් කිරීමට තටාකාංගනය මැදට ගත් පසු පැය භාගයකට වඩා ප්‍රමාද විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ගුවන් ගත කර ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන්යානය ඉරානය බලා ගුවන් ගත විය.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නල්ලතන්නියට මත්පැන් බලපත්‍රයක් . . .

Fri Apr 26 , 2024
නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසති. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් එම හෝටලයේ අයිතිකරු විසින් සංචාරක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලිමක් මත එම මත්පැන් බලපත්‍රය ලබාදිමට ප්‍රථම ඒ සදහා ප්‍රදේශවාසින්ගේ විරෝධතා වෙතොත් ඒ පිලිබදව නොර්වුඩ් ප්‍රාදේශිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x