අනිල් කපූර් කෘතීම බුද්ධියට එරෙහිව නඩු මගට . . .

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන අනිල් කපූර් කෘතීම බුද්ධියට (AI) එරෙහිව නඩු මගට පිවිස තිබේ.

ඒ, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අනිල් කපූර්ගේ නම, රූපය, කටහඬ සහ ඔහුට සමාන වෙනත් ගුණාංග සඳහා AI භාවිතා කර ඇති බව ඔහු පවසයි.

අනිල් කපූර් Slumdog Millionaire ඇතුළු චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක පෙනී සිට ඇති අතර මෑතක දී, Thank You For Coming චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වී තිබේ.

ඒ අනුව දිල්ලි මහාධිකරණය විසින් අනිල් කපූර්ගේ පෞරුෂත්ව අයිතිය පිළිගෙන ඇති අතර අවසරයකින් තොරව ඔහුට සම්බන්ධ දේවල් භාවිතා කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල්ට බායි කියයි . . .

Tue Sep 26 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි. පොදුජන පෙරමුණේ නවක මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත. ඒ අනුව පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමත් බැසිල් රාජපක්ෂ ට මෙම කරුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x