තවමත් පාලනය නොවූ බිත්තර මිල . . .

දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා සිටිති.

බිත්තර කිලෝ වශයෙන් අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක් හා සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් ලෙස පාලන මිලක් නියම කර තිබුණ ද ඒ යටතේ ද බිත්තරයක මිල වන්නේ රුපියල් 55 ක් හා 57 ක් වශයෙන් බව ද වාර්තා වේ.

තවමත් බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව කළ විමසීමකදී පාරිභෝගික අධිකාරිය කියා සිටියේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවයි.

මේ අතර බිත්තර වලට විශාල ඉල්ලුමක් පවතින බැවින් වෙළඳුන් හිතුමතේ වැඩිමිලට බිත්තර අලෙවි කරණ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

  • මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි . . .

Thu Jun 8 , 2023
ශ්‍රී ලංකාවෙි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදු විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x