බැසිල්ට බායි කියයි . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ නවක මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත.

ඒ අනුව පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමත් බැසිල් රාජපක්ෂ ට මෙම කරුණු දැන්විය යුතු බවට තීරණය කල බව එම සාකච්චාවන්ට එක්වූ නවක මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කලමණාකාරීත්වය නිසා පසුගිය වසර හා මේ වසරේ සංසන්දනය කිරීමේදී විශාල පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව ද එම මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තත්ත්වයන් මත එළැෙඹන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂ හා එක්ව සන්ධානගතව තරග කළ යුතු බවට ද ඔවුන්ගේ අදහස් මතුව ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සම්මානලාභි සිනමා අධ්‍යක්ෂක කේ.ජී මියයයි . . .

Tue Sep 26 , 2023
මලයාලම් සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ. පසුගිය 24 වනදා ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන අතර ඔහු මේ වනවිට කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි. කේ.ජී. ජෝර්ජ් 1975 වසරේ තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස ඇති අතර එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x