ගෑස් සහ ඉන්ධන මිල පහලට, පිටි සහ ආහාර මිල ඉහලට . . .

අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත්, එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් කරමින් සිටින බවත් ඔහු සදහන් කලේය. ගෑස් මිල අඩු වුවත් ආහාර මිල අඩු හෝ වැඩි කල නොහැති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ සැප්තැම්බර් 05 වැනිදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි.

මේ අතර ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමකින් අඩු වනු ඇතැයි වාර්තා වෙයි. සෑම මසකම පළවෙනිදා සහ පහළොස් වැනිදා සිදුකරන මිල සංශෝධනයට යටත්ව මෙම මිල පහත දැමීම සිදු වන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සමානුපාතික වන ලෙසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කරන්නේ නැහැ . . .

Tue Sep 6 , 2022
වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බවත් විපක්ෂයට එවැනි අවශ්‍යතාවයක් ඇත්දැයි තමන් නොදන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිලිතුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x