නිවාඩුවට ගෙදර යන ත්‍රිවිධ හමුදා සෙබළුන් ගැන දැඩි අවධානයක් . . .

නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත් ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙස එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී තිබෙනවා.

ඒ, සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන්.

මේ අනුව සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන ත්‍රිවිධ හමුදා භටයන් සහ සෙසු නිලධාරීන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව දැඩි අවධානය යොමු කර තිබෙනවා.

ඒ, පසුගිය සති කිහිපය තුළ සිදුකරන ලද වෙඩි තැබීම් සඳහා යුද්ධ හමුදාවේ සක්‍රිය රාජකාරියේ නිරත සෙබළුන් සම්බන්ධ වීමත් එම වෙඩි තැබීමේ සිද්ධීන්වලට පැදිකරුවන් සහ ආධාර අනුබල දෙන්නවුන් ලෙස විශ්‍රාමික සහ හමුදාවලින් පැන ගිය පුද්ගලයන් සම්බන්ධ වීමත් හේතුකොට ගෙනයි.

පොලිසිය පවසන්නේ, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඉලක්කයට වෙඩි තැබිය හැකි හමුදා පුද්ගලයන් සිය අපරාධ සඳහා යොදා ගැනීමට උත්සාහ කරන බැවින් ආර්ථිකමය වශයෙන් ගැටලු ඇති පුද්ගලයන් සහ මෙවන් පාතාල ක්‍රියාකාරකම්වලට කැමැත්ත දක්වන අය ඔවුන්ගේ අරමුණු සඳහා යොදාගන්නා බවයි.

ඒ, අනුව හමුදාවේ සක්‍රිය රාජකාරියේ නිරත අය, ගිනි අවි පුහුණුව ලද අය, විශ්‍රාමික අය සහ පළා ගිය පුද්ගලයන් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇති අතර මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්, ලක්‍ෂ දෙකකට ආසන්න හමුදා පිරිසක් රාජකාරි කරන යුද්ධ හමුදාවේ මෙවන් ක්‍රියාවල යෙදී ඇත්තේ කිහිපදෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙන්ඩිස් සමාගමට යළි බලපත්‍රය හිමිවෙයි . . .

Thu Feb 29 , 2024
රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x