ඩොලරය ශක්තිමත් වී ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහතට . . .

ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය. ඉකුත් සැසියේදී ඇමෙරිකානු ඩොලර් 3 කින් පමණ ඉහළ ගිය බොරතෙල් බැරලය අද (29) නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් 12.51 කට ඇමෙරිකානු ඩොලර් 81.24 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව සත 91 ක මිල අඩුවීමක් බවත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 88.31 ලෙස සටහන් වූ අතර එය පෙර සැසියට සාපේක්ෂව ඩොලර් 1.01 ක මිල අඩු වීමක් බවත් වෙළඳපොල වාර්තා පෙන්නුම් කළේය.

මාස නවයකින් වාර් තා වූ බොරතෙල් බැරලයක අඩුම මිල මේ සතියේ වාර් තා වූ අතර ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ඩොලර් තුනකින් පමණ බොරතෙල් බැරලයක මිල නැවත වරක් ඉහළ ගියේය. නමුත් නැවත වරක් ඩොලරය ශක්තිමත් වී ඉල්ලුම අඩු වීම හේතුවෙන් මෙසේ බොරතෙල් බැරලයක මිල නැවත වරක් පහළ ගිය බව වෙළඳපොල දත්ත වාර් තා පෙන්නුම් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මාෆියාව යට ඉන්නේ ප්‍රභූ කුමාරවරු පැලැන්තියක් . . .

Thu Sep 29 , 2022
ඉන්ධන මාෆියාවට තිත තැබීමට තවමත් නොහැකි වී ඇත්තේ මෙම මාෆියාවට එදා මෙන්ම අදත් සම්බන්ධ ප්‍රභූ කුමාරවරු පැලැන්තියක් නිසා යයි සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධානයක හසිත් ගුණසේකර පැවසීය. වත්මන් ජනාධිපතිවරයා යටතේ සිටින පෙර හොරුන්ට පාසැල් වල කන්න නැතිව ඇද වැටෙන දරුවන් ගැන හැඟීමක් නැති බවද පැවසූ ඔහු මන්දපෝෂණයෙන් වැඩිම පිරිසක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x