ඉන්ධන මාෆියාව යට ඉන්නේ ප්‍රභූ කුමාරවරු පැලැන්තියක් . . .

ඉන්ධන මාෆියාවට තිත තැබීමට තවමත් නොහැකි වී ඇත්තේ මෙම මාෆියාවට එදා මෙන්ම අදත් සම්බන්ධ ප්‍රභූ කුමාරවරු පැලැන්තියක් නිසා යයි සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධානයක හසිත් ගුණසේකර පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ සිටින පෙර හොරුන්ට පාසැල් වල කන්න නැතිව ඇද වැටෙන දරුවන් ගැන හැඟීමක් නැති බවද පැවසූ ඔහු මන්දපෝෂණයෙන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ හම්බන්තොට ප්‍රදේශයේ බවද සඳහන් කළේය. එදා රජ කල අය කාබාසිනියා කළ මුදල් තිබුණේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද ණය දීමට හැකියාව ලංකාවට තිබූ බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

තෙල් මාෆියාව යට ඉන්නේ එදා මෙන්ම අදත් වැජඹෙන කුමාරවරු පිරිසක් බවද පැවසූ ඔහු ලංකාවට ගැලපෙන බොරතෙල් ටිකවත් ගේන්න බැරි වී ඇත්තේ මෙම මාෆියාව නිසා බවද පැවසීය.

මෙරට ඉන්ධන පිරිපහදුවට නොගැලපෙන බොරතෙල් ගෙන එන්නේ ප්‍රභූ පුත්‍රයන්ගේ සම්බන්ධකම් ඇති සමාගමක් හරහා ගෙන්වන බාල බොර තෙල් වර්ගයක් නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නෙළුම් කුළුණ අසල ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් . . .

Fri Sep 30 , 2022
කොළඹ නෙළුම් කුළුණ අසල අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබාදී තිබේ. කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් අදාළ කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත්තේ “Hellfire” යන නාමය ප‍්‍රදර්ශණය නොකල යුතු බවත්, කිසිදු ආගමකට දර්ශනයකට හෝ ඇදහිල්ල කට හානියක් හෝ අපහාසයක් සිදු නොකළ යුතු බවත් දන්වමිනි. එම ප‍්‍රසංගයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x