නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත් ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙස එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී තිබෙනවා. ඒ, සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් […]

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට […]

හැත්තෑහය වැනි  නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියේ ඉවත් කිරීමේ සිද්ධියක් මෙයට හේතු […]

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුළු […]

මාතරට බලපා ඇති ගංවතුර තත්ත්වයට අනුව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මාතර , අකරැස්ස, මාපලගම ආදි ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය දැනට බලපා ඇතැයි දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කියයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම නගරය අද දින යටව ඇතැයි ද වාර්තාවේ. ගාල්ල ඇල්පිටියේ ඉගල ප්‍රදේශයෙන් […]

විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ  රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට  ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි  බුද්ධි අංශ රජයට බාරදී ඇති  වාර්තාවක සඳහන් වේ. මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත. සමහර ප්‍රධානීන් තමන්ගේ  පෞද්ගලික වාහන  […]

අවිස්සාවේල්ල ලංගම බස් නැවතුම්පොළේ නගරසභා ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවි හා උපාංග අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වෙත රාත්‍රීකාලයේ දී ඇතුළු වූ පුද්ගලයෙක් එහි දේපළ සොරකම් කර තිබේ. එම දේපළ සොරකම් කරන අයුරු සිසිටිවි කැමරාවේ සටහන්ව තිබිණි. වෙළෙඳසැලට ඇතුළුවන පුද්ගලයා ගිණිකූරු දල්වමින් දේපල සොරකම් කරන අයුරු එහි සටහන් වේ. ඉකුත් කාලයේ පුරා මේ ආකාරයෙන් […]

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (මාර්තු 8) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කර ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (මාර්තු […]

චූන් කූරු නොහොත් බැලස්ටික් නමින් හඳුන්වන අලුත්ම මත්ද්‍රව්‍ය කූරු විශේෂයක් තරුණයන් හට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු පොලිස් වැටලීමකදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදිය දමා පලා ගිය බව අඟුරුවාතොට පොලිසිය පවසයි. සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී චුන් කූරු නොහොත් බැලස්ටික් නමින් හදුන්වන අඟල් දහයාමාරක් දිගැති මත්ද්‍රව්‍ය කූරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.