ඉහල කොත්මලේ ජලාශයට ගසා යන නිවස . . .

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (21) දින දවස පුරා පතිත වු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ජලාශය ආසන්නයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් (21) දින කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි නිවස ජලාශයට නායයාමේ අවධානමක පවතින බව තලවකැලේ පොලිසිය පැවසිය.

2014 වසරේ ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් කිහිපයකට නිවස ඉදි කර ගැනිම සදහා එම ව්‍යාපෘතිය විසින් ඉඩම් කැබලි ලබාදුන් බවත්, එම ඉඩමේ පෞද්ගලික වියදමින් ඉදි කර ගන්නා ලද නිවස මතට පස් කන්ද කඩා වැටි එම පස් ඉහල කොත්මලේ ජලාශයට වැටි ඇති බවයි නිවාස හිමියන් කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත තමන්ට එම නිවසේ පදිංචිව සිටි නොහැකි බවත්, පවතින අවධානම මත තමන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි නිවාස හිමියන් කියා සිටින්නේ.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යළිත් විදුලිය ගාස්තු 30% කින් ඉහළට . . .

Sun Oct 23 , 2022
යලි වතාවක් මෙරට විදුලි ගාස්තු 30% කින් ඉහළ නංවන්නයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. ශ‍්‍රී ලංකාවට එම අරමුදල විසින් ලබා දීමට යෝජනා වී ඇති ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට පෙර මෙම ගාස්තු නැංවීම කළ යුතු බවද නිර්දේශ කර ඇතැයිද සඳහන්ය. මුල්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x