ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් . . .

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (17) පොලිසියට නියෝගයක් නිකුත් කර තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ සඳහන් ය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේදී පැහැරගනී . . .

Fri Nov 17 , 2023
ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්ව තිබෙනවා. ඊට අදාල කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක්වු බව කියන තැනැත්තාගේ දියණිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x