තෙවන චාර්ල්ස් රජුට පිළිකාවක් . . .

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

එම පිළිකා කුමක්දැයි අනාවරණය වී නොමැත. නමුත් රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.

රජු සිය රෝගී තත්ත්වයට ඊයේ සිට “නිත්‍ය ප්‍රතිකාර” ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර මහජන රාජකාරි කල් දමන බව බකිංහැම් මාළිගය පවසයි.

75 හැවිරිදි රජු, “ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට ආපසු යාමට බලාපොරොත්තු වේ,” යනුවෙන් මාළිගය නිකුත්කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

චාර්ල්ස් රජු වේල්ස් කුමරුව සිටියදී පිළිකා සම්බන්ධ පුණ්‍යායතන රැසක අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් තම පිළිකා ප්‍රතිකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කළ බව බකිංහැම් මාළිගය නිකුත්කල නිවේදනයේ දැක්වේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න . . .

Tue Feb 6 , 2024
රේගු බදු නොගෙවා හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමමින් සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ රුපියල් මිලියන 200ක් පමණ වටිනා ” සුඛෝපභෝගී වාහන” දෙකක් වහාම අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (06) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x