ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට . . .

විදෙස් මාධ්‍ය පැවසුවේ, සුඩාන හමුදා විසින් Khartoum අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මිය ගිය අතර කාන්තාවන් සහ ළමයින් සිටින බව ඇසින් දුටු සාක්ෂිකරුවන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ සිට අගනුවර පාලනය තමන් සතු කර ගැනීම සඳහා හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර සටන් ආරම්භ වුණා සටන් නතර කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මිලියන තුනකට ආසන්න ජනතාවකට තම නිවෙස් අහිමිවී ඇති බවද සඳහන් තාවකාලික සටන් විරාමයන් ලබා ගැනීමට කළ උත්සාහයන්වලදී දිගු කාලයක් නොපැවති අතර ඉතියෝපියාවේ පැවැත්වෙන සමුළුවකදී නැගෙනහිර අප්‍රිකානු කලාපීය කණ්ඩායමක් විසින් සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලන්ඩන් වල හොල්මන මට්ටු කළ කරණීයමෙත්ත සූත්‍රය . . .

Mon Jul 10 , 2023
මේ බයංකර කතාව ඇහෙන්නේ ලන්ඩන් නගරයෙන්. අපේ රටේ ගොඩක් දෙනෙක් මේ රට දාලා වෙනත් රටකට යන්නේ සුවපහසු ජීවිතයක්ල් ගත කරන්න තියන ආසාව නිසා. ගොඩක් දෙනෙක්ගේ අරමුණ වෙන්නේ ඒක. ඒත් මේ කියන්න යන්නේ ඊට වඩා ඇඟ කිලිපොළා යන කතාවක්. ලන්ඩන් නුවරට පදිංචියට ගිය මේ ශ්‍රී ලාංකික පවුල එහේ ජීවත් වෙන්න සුදුසු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x