ගෝඨාභය, මහින්ද සහ බැසිල්ට එරෙහි පෙත්සම් විභාගයට අවසර ලැබේ . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 7) අවසර ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව අදාළ පෙත්සම් දෙක ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඒ අනුව, ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලීම වී තිබේ.

වගඋත්තරකරුවන් විසින් අමෙරිකානු ඩොලරය රුපියල් 203ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට ද නියෝග කරන ඇත.

එම වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වන දා ට පෙර ගොනුකරන ලෙස අධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ.

තව අද, වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශවලට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මහ බැංකු මූල්‍ය මණ්ඩලයට නියෝග කර ඇත.

අනතුරුව අදාළ පෙත්සම් ජනවාරි මස 9 වන දා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමේ . . .

Fri Oct 7 , 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (ඔක්. 7) පාර්ලිමේන්තුවේදී විශේෂ දැනුම් දීමක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති බොරතෙල් තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. “සපුගස්කන්ද පිරිපහදුව නැවත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x