බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ඊට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තා වල පිටපත් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද […]

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහට දැනුම් දුන්නේය. හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සත්‍ය සඟවා අසත්‍ය […]

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට වහාම ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුව ඇත. ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය. […]

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනයක් අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය වරයෙකු වූ සුජීව සේනසිංහ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින නියම කළේය. මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද […]

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව ඉදිරිපත් වූ පැමිණිලි මත සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම්  ජාතිකයින් තුන්දනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා සිටියහ. තමන්ව නීති විරෝධී ලෙස […]

මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයෙකු කෲර වධ හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව කෲර වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ අපරාධ නඩු පැවරීමට පියවර ගන්නා නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් […]

මෑතකදී කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අයකර ගැනීම සඳහා අදාල නෞකා සමාගමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියා මාර්ග මේ වන විට ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් […]

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු […]

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිය නීතිඥවරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.