ඉංජිනේරුවන් රට හැරයාම වැඩිවෙලා . . .

පසුගිය සමයේ රට තුළ නිර්මාණවී තිබූ අර්බුදකාරී වාතාවරණය හමුවේ ගතවූ වසර දෙකක කාලසීමාවේදී ඉංජිනේරුවන් රට හැරයාම තුන්ගුණයකින් පමණ ඉහල ගොස් ඇති බව රාජ්‍ය ‍සේවා ඉංජිනේරු සංගමය පැවසීය.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව 2023 වසරේදී ඉංජිනේරුවරුන් පන්දහසක් පමණ රට හැර ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක සඳහන් කළේය. පසුගිය කාලයේදී මෙරට අතහැර වෙනත් රටවල රැකියා සඳහා ගිය සමස්ත වෘත්තිකයින් අතරින් සියයට හතළිහක් පමණ ඉංජිනේරුවරුන් බව හෙතෙම ප්‍රකාශ කළේය.

එබැවින් මේ වනවිට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත් අත්දැකීම් සහිත පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ නොමැතිවීම බරපතල තත්ත්වයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ වන විට ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයින් වෙත ලබාදෙන වැටුප ඉතාමත් පහළ මට්ටමක පවතින බැවින් මෙහි නිරත පිරිස රටහැර යාම ඉහළගොස් ඇති බව පැවසූ ඔහු කියා සිටියේ මේ මොහොතේ හෝ වැටුප් වැඩිවීමක් සම්බන්ඳයෙන් සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්‍රයේ නිරත ඉතිරි පිරිසද රට හැරයාම වළක්වාගත නොහැකි බවයි.

  • නිර්මාණි තිලකසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවර . . .

Sat Apr 13 , 2024
මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේය. සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x