අක්‍රමිකතා සිදුවූ ඉන්ධන පිරවුම්හල සීල් තබයි . . .

වැල්ලවායේ පිහිටි ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලකට සම්පූර්ණයෙන් මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, අදාළ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මුද්‍රා තැබූ බව ය.

එහිදී අදාළ පිරවුම් හලේ බොහෝ අක්‍රමිකතා සිදු වන බවට ත් වටිනාකමට අඩුවෙන් ඉන්ධන නිකුත් කරන බවට ත් අනාවරණය වූ බව රත්නායක වැඩිදුරට ත් පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීති විරෝධී ලෙස මෙරටට ආ Hummer වෙන්දේසියකදී අඩු මිලට අයිතිකරුටම

Wed Oct 5 , 2022
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති හමර් (Hummer) වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අදාළ වාහනය තව ත් වාහන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x