සෑම පුරවැසියෙක්ටම ඩිජිටල් හැඳුනුම්පත් අංකයක් . . .

ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කළේ ය.

ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ය.

සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින්  කියා සිටියේ ඉන්දියාවේ පාරක කඩයකින් තේ කොප්පයක් මිල දී ගනු ලැබුව ද එය ගෙවන්නේ ආදාර් යන QR සංකේතය හරහා බවයි.

එම ක්‍රමය ඉදිරියේ දී ලංකාවට එන බවත් එයට අවුරුද්දක පමණ කාලයක් එහි මූලික පදනම ඇති කර ගැනිම සඳහා යනු ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම සෑම අයෙකුටම හැඳුනුම්පත් අංකයක් ලැබෙන බවත් එය ජාතික හැඳුනුම්පත් අංකය නොවන අතර ඒ අංකය හරහා සෑම දෙයක්ම ඉටු කරගත හැකි බවත් කියා සිටියේ ය.

එනම් රෝහලකට ගිය ද, රජයේ කාර්යාලයකට ගිය ද සෑම දෙයක්ම එම අංකය හරහා ඉටුකරගත හැකි බවත් එම පරිවර්තනය ඉදිරියේ දී ලබා දෙන බවත් එහි පියවර ගැනීමට අවුරුදු දෙකක් පමණ කාලයක් වැය වන බවත්  වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චැනල් අයි-ලයිකා ගිවිසුම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි . . .

Mon Aug 14 , 2023
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපතිවරයා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x