කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ජයක් . . .

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (03) පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක් අතැතිව ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 2ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Suzie Bates නොදැවී ලකුණු 63ක් රැස්කළේය.

තරගය ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 140ක් රැස්කළේය.

පන්දු 80කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පැරණි වාහන පාරට දාන්න සහනයක් . . .

Mon Jul 3 , 2023
වසර ගණනාවක් ආදායම් බලපත්‍රය නොගැනීම නිසා පාවිච්චි නොකර ගාල්කර ඇති පැරණි වාහන වලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය. නැවත ලියාපදිංචි කිරීම සඳහා විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඇතැම් වාහන ද පාවිච්චි නොකර ගාල්කර ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x