ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇත. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ. ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි මිලදී […]

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ. ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මේ වනවිට නම් කර […]

2010-2015 පැවැති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදීයි. කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර ඉන් අක්කර 12ක […]

නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මේ වනවිට ඇමරිකාවේ සංචාරයක යෙදී සිටින බව වාර්තා වන අතර ඔහු මෙවර කිසිදු ප්‍රචාරයක් ලබා නොදී හොර රහසේ මෙන් එම සංචාරය නිරත වීම විශේෂත්වයකි. ඔහුගේ මෙම සංචාරය පිළිබඳව හෙළි වූයේ පසුගිය 08 වන දින නිකුත් කරන ලද සිළුමිණ […]

ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. මෙම කාරණය හෙළිදරව් වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තේ අපනයනකරුවන් සමඟ පැවැති සාකච්ඡාවකදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් […]

ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කළේ ය. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ය. සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. වැඩිදුරටත් අදහස් දක්වමින්  කියා සිටියේ ඉන්දියාවේ පාරක කඩයකින් […]

රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය. වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ […]

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක ගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.