සාගලගේ අයියා ලංකා බැංකුවේ සභාපති ධුරයට . . .

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.

විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දැරූ සමයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සිටි සභාපතිවරයා ඉවත් කර ඩොලර් මිලියන 1,000ක විදේශ ණය ලබා ගැනීමට උත්සාහ කළ ආකාරයෙන් ම ලංකා බැංකුව යොදා ගැනීමට ආණ්ඩුව සූදානම් වේ දැයි සැක මතු වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ධුරය දරන අතර රාජ්‍ය බැංකු සියල්ලම ඔහු යටතේ පවතී. මේ වනවිටත් විවිධ අවස්ථාවල ජනාධිපති බලතල යොදවමින් රජයේ නිලධාරීන්ට තර්ජන එල්ල කරමින් සිටින පසුබිමක මෙන්ම, ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් විකිණීම ඔහුගේ මූලික අරමුණක් බව ප්‍රකාශ කර තිබෙන තත්වයක් තුළ මෙම සැකය තව දුරටත් තීව්‍ර වී ඇත.

  • lankatruth
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය වෘත්තිය සමිති 19 වනදා සිට යළි වර්ජනයක . . .

Fri Mar 15 , 2024
ලබන 19 වැනිදා සිට වර්ජනය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි. අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x