T20 සුපිරි 12 දෙනාගේ වටය, බංග්ලාදේශයට ජය . .

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 9 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කාණ්ඩායමට ලබාදී තිබුණි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තේය. එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 38ක් රැස්කළ අතර නජ්මුල් හොසේන් ශාන්තෝ ලකුණු 25ක් රැස්කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 145ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගත්තේ, ලකුණු 135 ක් පමණි.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නියැළුණු කොලින් ඇකර්මන් ලකුණු 62 ක් රැස්කළේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුලු 4 ක් දවාගත් අතර හසන් මහමුද් කඩුලු 2 ක් දවාගත්තේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නෙත්මි අහිංසා 5 වන ස්ථානයට . . .

Mon Oct 24 , 2022
ස්පාඤ්ඤයේ පැවැති ලෝක ශූරතා මල්ලවපොර ක්‍රීඩා තරගාවලියේ දිය ඉසව්වෙන් ‌5 වන ස්ථානය දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත් විය. එම ජයග්‍රහණය ලැබූ ඇය අද පෙරවරුවේ ලංකායට පැමිණියාය.    

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x