සෞඛ්‍ය වෘත්තිය සමිති 19 වනදා සිට යළි වර්ජනයක . . .

ලබන 19 වැනිදා සිට වර්ජනය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි.

අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවයි

එහිදී රවී කුමුදේශ් වැඩිදුරටත් මෙලෙස පැවසීය,

“සෞඛ්‍ය ඇමතිවරයා ගැටළුව විසඳීමට උපරිම උත්සාහ ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සියළු පාර්ශව ජයග්‍රහණය කර හැකි තාක්ෂණික වාර්ථාවක් ලබා දී තිබෙනවා.

රජයේ පාර්ශවයෙන් විශාල ධනාත්මක මැදිහත්වීමක් තිබෙනවා. නමුත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික බව හේතුවෙන් සාකච්චාමය විසඳුමකට යා හැකි ඉඩ කඩ ඇහිරිලා තිබෙනවා.

19 වනදා සිට රෝගීන්ට සිදු විය හැකි අපහසුතාවයන්ගේ පූර්ණ වගකීම, සාකච්ඡා මගහරින නිලධාරී භාරගත යුතුයි.”

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් . . .

Fri Mar 15 , 2024
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දීී තිබේ. පුරන් කුඹුරු වැඩිපුරම පවතින්නේ බස්නාහිර පළාතේ නිසා බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x